කතරගම දෙවියන් සම්බන්ධ ඓතිහාසික තොරතුරු
ප්‍රධාන දේවාලය කතරගම පිහිටා ඇති අතර ලක්දිව පුරා අන්‍ය කිසිම දෙවි කෙනෙකුට වඩා වැඩි දේවාල ගණනක් මේ දෙවියන්ගේ නමින් ඉදිවී ඇත.කතරගම දෙවිඳුගේ උපත ගැන භාරතීය දේව කතාවල ප්‍රධාන මත 4ක් පවතී.මීට අමතරව මෙම දෙවියන් බුද්ධවර්ෂාරම්භයට පෙර කතරගම නුවර විසූ මහාසේන රජතුමා යයි කියා ද ඉන්දියාවේ සිට මෙහි පැමිණ පදිංචි වූ යුද්ධ දක්ෂයකු මරණින් පසු දේවත්වයට පත්වීමකැයි කියා ද මතයක් ඇත.කතරගම දෙවියන් සම්බන්ධවන ප්‍රකට සිද්ධි කිහිපයක් ලංකා ඉතිහාසයේ ඇති බව ජනප්‍රවාදයේ පවතී.ඉන් එකක් ලෙසදුටුගැමුණු රජතුමා එළාර හා යුද්ධයට යනවිට කතරගම දෙවියන්ට භාරයක් වී යාම හා යුද්ධය දිනා කතරගම දේවාලය තැනවීමයි.
ස්කන්ධ දෙවියන් ලක්දිව සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකු ලෙස පළමු වරට සඳහන් වන්නේ 14වන සියවසට අයත් නිකාය සංග්‍රහයෙහිය.කෙසේ නමුත් ලක්දිව සිංහල දෙමළ මෙන්ම වැදි ජනයා අතරද කතරගම දෙවියන් සම්බන්ධ පුරාණ කතා ඇත.වැදි ජනයා අතර පවතින කන්දේ දේව විශ්වාසය තුල කතරගම පවතින දේවාලයේ ආරම්භය දැකිය හැකිය යන්න සෙලිග්මාන් පඬිවරුන්ගේ අදහසයි.කතරගම දෙවියන් හා වල්ලි අම්මා අතර විවාහය වනාහි දඩයම් කරුවන් හා කෘෂිකාර්මික ජනයා අතර සමාජ සංස්කෘතික සම්මිශ්‍රණය සංකේතවත් කරන සිද්ධියක් බව ගොම්බ්‍රිජ් සහ ඔබේසේකර යන වියතුන්ගේ මතයයි.
හින්දු විශ්වාසය අනුව මොහු යුද්ධයට අධිපති දෙවියෙකි.මේ දෙවියන්ගේ උපත ගැන බ්‍රහ්ම පුරාණය වායු පුරාණය මතස්‍ය පුරාණය ආදි ග්‍රන්ථවල තවත් පුරාවෘත්තයන් සඳහන්ය.ඒ අනුව එතුමාගේ උත්පත්තිය සිදුවී ඇත්තේ සුරාසුර යුද්ධයේදී පරාජයට පත්වෙමින් සිටින සුරයන්ගේ හමුදාවේ නායකත්වය දැරීමට හමුදාපතියකුගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහාය.එහිදී ශිව සහ පාර්වතී දෙදෙනාගේ දීර්ඝ කාලීන සංගමයෙන් ඇති වූ බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට භාර දී ඇත.මෙය අග්නි දෙවියන් විසින් ගංඟා දේවියගේ ගර්භයෙහි තැන්පත් කොට ඇත.ගංඟා දේවිය එය මහා මේරු පර්වතයේ තැන්පත් කර ඇත.එසේ තැන්පත් කල බීජය කන්‍යාවන් 6 දෙනෙකු විසින් පෝෂණය කර ඇති අතර මුහුණු හයකින් යුත් දරුවකු බිහි විය.මේ ආකාරයට කතරගම දෙවියන්ගේ උපත සම්බන්‍ධ විවිධ මත පවතී.
කතරගම දෙවි කන්නලව්ව
සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැන්දෙම්, දෙපා වැන්දෙම්, ශ්‍රීමත් සිද්ධ තේජෝබල පරාක්‍රමාන්විත රණමයුර වාහනා රූඪව රක්‌තවර්ණ ශ්‍රී දේහයකින්ද · මුහුණු සයකින් · විචිත්‍ර නානා විධ ආයුධ දොළසක් අත් දොළොසේ දරා නිතර කන්දේ වැඩ වාසය කරන තෙද ඇති කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස· කතරගමට කිරි වෙහෙරට, මැණික් ගංගාවට, රුහුණු මාගම්පුරට, වැඩිහිටි කන්දට, මුන්නේශ්වරම් දේවාලයට, යහතින් දිවැස්‌ලා බලා වැඩ වාසය කරන සිද්ධ ස්‌කන්ධ නාමෝපලක්‌ක්‍ෂිත කතරගම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස· ඔබදෙවි හාමුදුරුවන් වහන්සේට අතනගා අයෑද සිටින්නේ මේ අසරණ මා හට (මොහුට) සිතින්, කයින්, භාරවීමකින්, අමතක වීමකින් මා අත යම් වරදක් ඇතත්, ඔබ වහන්සේ සමා වී මා විසින් නමස්‌කාරයෙන් කියා සිටින අභිමතාර්ථයන් ඉෂ්ට කරදීමෙන්ද· ඇස්‌වහ, කටවහ, නවග්‍රහ හූනියමකින් වැද පැමිණි සියලු දොaෂ ගසා දුරු කොට පිනට පිහිට වී පින් ගන්නා සේක්‌වා· ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවා·පහන් තැබීම - පූජා පැවැත්වීම - 10.45 සිට 11 දක්‌වා නොඉඳුල් තැඹිලි පොල්a තෙල්, අලුත් මැටි පහනක්, රත්මල්, පලතුරු පස් වර්ගයක්, කැවිලි පස් වර්ගයක්, කපුරු, කට්‌ටකුමන්ජල් පිනිදිය, තැඹිලි ගෙඩියක්.
කතරගම දේව ස්‌තෝත්‍ර
1. චක්‍රං මුඞ රසංඛමණ්ඩලධනූර් භාගින්දාහොගොකුලං
බානුර් බරිත ශ්‍රී නිවාස පුථුලංවක්‌ෂස්‌ථලං රංජිතං
විෂ්ණුවාංශ සුජාතවහන ශි‚වර් සර්වණොඡ්වලං
වන්දේ ස්‌කන්ද කුමාර කුන්දවරණංතං
පාහිමේ මංගලම්
2.දාදස නයන හස්‌තං බ්‍රාජිතො රක්‌ත ස්‌වස්‌ත්‍රං
ග්‍රහන අර්ධ යස්‌ඨි ශංඛ කුන්තායුදන්තං
උදිත මයුර වාහනං තෙජනා දීක්‍ෂ තුල්‍යං
ප්‍රවර කදිර නාතං දේව රාජං නමාමි
3. ශ්‍රීමත් කන්දකුමාර පාර්වතී යුතං ඒකංචදෙහයුඬං
නෙත්‍රංච දස්‌ඛා දසාන්ත බාහුං නානායුධං සංමුඛං
4.සර්පනාංසර්ව සරීර සොහිතයුතං
මයුරාසනං නිර්මිතං
ත්වං දේව රාජං සකලභය හරණං රක්‌ෂතු මේ මංගලම්
ක්‍රමය
ඉහත සඳහන් පුද පූජා තබා පළමුව තමන් ස්‌නානය කර පහන් තබා කහ දියර ඉස දුම් අල්ලා ස්‌තෝත්‍ර කියා තමන්ගේ අදහස් ඇතුළුව දෙවියන්ට කන්නලව් කිරීම යහපති.
මෙම ලිපිය wikipedia.org සහා divaina.com යන වෙබ් අඩවි දෙක තුලින් උපුටා ගත් අතර මෙහි ඇති තොරතුරු වල අයිතිය ඉහත් වෙබ් අඩවි දෙක සතුව පවතී.. ඔබගේ දැන ගැනීම සදහා පමණක් මෙම ලිපිය ඉදිරිපත්කල බව කරුණවෙන් සලකන්න